|

කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් , ශල්‍යාගාරයක් වසයි

කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක්  වසා දමා ඇති බව සෞඛ්‍යය  ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි.

එම රෝහලේ සේවකයන් තිදෙනකුට කොවිඩ් 19 වැළඳී  ඇතැයි තහවුරු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

රෝහලේ සෙසු සේවකයන් සහ රෝගීන් ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකොට තිබේ.

පානදුර රෝහලේ සේවිකාවකට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වීම නිසා එම රෝහලේ දැඩි සත්කාර ඒකකය ද වසා දමා තිබේ .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *