’’මූ මහා තක්කඩියෙක්’’ – 20 ගැන රැස්වීමේදී විමල්ගෙන් නිමල්ට මල්ටි බැරල් ප්‍රහාරයක් !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී පැවැත්වූ වැඩමුළුවේදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට විමල් වීරවංශ අමාත්‍යවරයා සියල්ලන් ඉදිරියේ ඉතාම දරුණු අන්දමින් බැනවැදී ඇති බව වාර්තා වේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී 20 පිළිබඳව මොහොමඩ් අලි සබ්‍රි මහතා සහ ජී. එල්. පීරිස් මහතා විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව 20ට එරෙහි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ද යම් යම් කරුණු ඉදිරිපත් කර තිබේ. 

ඒ අතර නැඟී සිටි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා 20 වැනි සංශෝධනයෙහි ගුණ වර්ණනා කිරීමට පටන්ගෙන ඇත. මෙහිදී අතිශයින්ම කෝපයට පත්වූ විමල් වීරවංශ මහතා “මූ මහා තක්කඩියෙක් නේ” යැයි කියමින් දෝෂාරෝපණය ආරම්භ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

නිමල් සිරිපාල මහතාට දැඩි ලෙස බැනවදිමින් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර ඇත්තේ පෙරේදා (08) දිනයේදී නිමල් සිරිපාල මහතා තමන් සමඟ පැවසුවේ මීට සපුරාම වෙනස් දෙයක් බවයි. එදින 20 වැනි සංශෝධනයෙහි ඇතැම් වගන්ති පිළිබඳ තමන් සමඟ දැඩි ලෙස විවේචනාත්මක වූ නිමල් සිරිපාල මහතා එය ඒ ආකාරයෙන්ම සම්මත වීම යනු විනාශයක් බව ද තමන් සමඟ ප්‍රකාශ කළ නමුත් මේ අවස්ථාවෙහිදී ඔහු ජනාධිපතිවරයා ඉදිරියේදී 20හි ගුණ ගායනා කරන බවත් වීරවංශ මහතා කෝපාන්විතව පෙන්වා දී ඇති බව සඳහන්. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *