පොකුරුවලට පිටින් රෝගීන් හමුවීම භයානක තත්ත්වයක් – විශේෂඥ වෛද්‍යවරු කියති

“ඉන්දියාවේ තත්ත්වයට මෙරට පත්වීමේ අවදානමක්”

කොවිඩ් රෝගීන් හඳුනාගත් පොකුරුවලට පිටතින් රෝගීන් ම්හමුවීමට පටන්ගැනීම භයානක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කරති . මෙලෙස හමුවන ඇතැම් රෝගීන්ට රෝගය ආසාදනය වුයේ කෙසේදැයි සොයාගැනීමට පවා නොහැකි වීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ.

පසුගිය දිනවල හලාවතින් සහ මන්නාරමින් හමු වූ රෝගීන් දෙදෙනාම හමු වුයේ අහම්බෙනි. වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි ඔවුන් කොවිඩ් රෝගීන් බව තහවුරු වුයේ ඔවුන් සුවය ලබා නිවෙස්වලට ගොස් සිටය දී ය. ඔවුන්ට රෝගය බෝවූ ආකාරය මෙන් ම ඔවුන්ගෙන් තවත් අයට රෝගය බෝවී ඇති ප්‍රමාණය ද සොයාගැනීම බරපතළ ගැටළු බවට පත්ව ඇත .

කොළඹින් හමු වූ ගැබිණි මාතාව ද හමුවුයේ අහම්බෙනි . ඇයට රෝගය බෝවූ ආකාරය ගැන ද ඇත්තේ අනුමාන පමණකි.

තව රෝගීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද මෙබඳු ම තත්ත්වයක් ඇති බව කියති .

වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කීවේ මෙබඳු තවත් එක් රෝගියකු හෝ හමු වුවහොත් රෝගය සමාජ ගත වී ඇති බව ප්‍රකාශ කිරීමට සිදුවන බවයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කීවේ ඉන්දියාවේ තත්ත්වයට මෙරට පත්වීමේ අවදානමක් ඇති බවයි.

මේ අතර පී සී ආර් පරීක්ෂණ තවමත් කොවිඩ් පොකුරුවලට හා ආශ්‍රිතයන්ට සීමා කොට තිබීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම විරෝධය ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *