20 ගැන තීන්දුව 20 දා පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධනය පිලිබඳ ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව මේ වනවිට කතානායකවරයා වෙත ලබා දී ඇති බව වාර්තා වෙයි .

එම තීන්දුව ලබන 20 දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

ඊයේ දිනයෙන් පසු පාර්ලිමේන්තුව නැවත රැස්වන්නේ ලබන 20 දා ය.

20 වැනි සංශෝධනයේ යම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද යන්න පිළිබඳව හා ජනමත විචාරණයක් අවශ්‍යද නැත්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවේ සඳහන් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *