රෝහල් ඉඩ මදි ; ඉදිරි පැය 24 තීරණාත්මකයි – වෛද්‍ය සංගමය

කොවිඩ් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් එකවර පැමිණීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි.

ලෝකයේ අත්දැකීම් අනුව විය හැක්කේ මෙම ආසාදිත සංඛ්‍යාව ඉදිරියේ දී වේගයෙන් වැඩිවීම බවත් , ඉදිරි පැය  24 තීරණාත්මක බවත් අලුත්ගේ මහතා කියයි.

රෝහල්වල පහසුකම් , උපකරණ සහ කාර්ය මණ්ඩලය යන හැම අතින් ම සීමා ඇති බව කියන අලුත්ගේ මහතා වැඩිවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම බලවත් අභියෝගයක් වන බව කියයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *