මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1044ක් වෙයි ; දිස්ත්‍රික්ක 16 කට පැතිරෙයි

අද දින වාර්තා වූ රෝගීන් 10 දෙනකු ද සමග මිනුවන්ගොඩ බ්‍රන්ඩික්ස් කොවිඩ් පොකුරේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 1044ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙය මේ දක්වා එක් කොවිඩ් පොකුරකින් වාර්තා වූ ඉහල ම සංඛ්‍යාවයි .

යුද හමුදාපති ලුතිනන ජෙනරාල් සවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම සමාගමේ සේවකයින් රට පුරා ගොස් ඇති නිසා මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් අසාදිතයි හමු වී ඇති බවයි.

සියලු දෙනා  උපරිම ලෙස පරිස්සම් වීම අවශ්‍ය බව ටුද හමුදාපති තුමා කියයි.

මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ සේවකයකුට ද රෝගය වැළඳී ඇති බව හෙලිවීමත් සමග එම පොලිසිය තාවකාලිකව වස දැමීමට කටයුතු කොට ඇත.

රට පුරා  තවත් ආයතන ගණනාවක් මේ අආකරයෙන් ම වසා දමා ඇති බව වාර්තා වෙයි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *