දිවුලපිටියේ කාන්තාව මේ කොරෝනා පොකුරේ පළමු ආසාදිතයා නොවේ – වෛද්‍ය සුදත් සමරවීර

පසුගිය ඔක්තෝබර් 04 වනදා දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලෙහි කොරෝනා පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එම කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් ලබාගත් තොරතුරු අනුව පසුගිය සැප්තැම්බර් 20 වනදා පමණ සිට එහි සේවය කළ ඇතැමුන්ට උණ සහ ශ්වසන රෝග තිබී ඇති අතර පසුව එය ක්‍රමයෙන් වැඩිවී ඇති බවත් එම තත්වයන් පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

ඒ අනුව මෙම කාන්තාවට රෝග ලක්ෂණ පහළ වී ඇත්තේ සැප්තැම්බර් 28 වනදා වන අතර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමට ගොස් ඇත්තේ සැප්තැම්බර් 30 වන දා බැවින් පළමු ආසාදිතයා ඇය විය නොහැකි බවයි වෛද්‍ය සමරවීර මහතා පෙන්වා දුන්නේ. 

එසේම කර්මාන්ත ශාලාවට විදේශිකයින් පැමිණි බවක් ද දැනගැනීමට නොමැති බව පැවසූ ඒ මහතා දැනට රෝග පාලනය සඳහා ගැටළුවක් නොමැතිමුත් රෝගයෙහි මූලාශ්‍රය දැනගැනීමට ඇත් නම් වඩා යහපත් බවයි සඳහන් කළේ. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *