කම්හල් වැසුවත් ගමේ යන්න තහනම් : සේවකයෝ දහස් ගණනක් අමාරුවේ

කොවිඩ් 19 පැතිරීමේ අවදානමත් , ඇඳිරි  නීතියත් නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ කම්හල් සහ පෞද්ගලික ආයතන ගණනාවක් වසා දමා සේවකයන්ට නිවාඩු ලබා දී ඇතත් , ඔවුන්ට තම ගම බිම් කරා යාමට ඉඩ නොදීම නිසා දහස් ගණනක් සේවකයන් අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි. මේ වනවිට පවතින තත්ත්වය යටතේ මෙම ප්‍රදේශයෙන් පිටව යාමට කිසිවකුට අවසර දිය නොහැකි බව පොලිසිය ප්‍රකාශ කොට ඇත. මේ නිසා අතින් වියදම් කරගෙන කුලී ගෙවමින් දිගටම නිකරුනේ රැඳි සිටීමට ඔවුන්ට සිදු වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *