දිවුලපිටියෙන් හමු වූ කොරෝනා රෝගී කත ලොකු පොකුරකින් එක් අයෙක්දයි සැක ; තත්ත්වය භයානකයි – විශේෂඥයෝ කියති

අහඹු පරීක්ෂාවක දී හමුවූ දිවුලපිටියේ කොවිඩ් 19 රෝගී කතට රෝගය වැළඳුනු  ආකාරයක් තවමත් හෙළිදරවු නොවීම නිසා ඇය දැනට සමාජයේ පැතිරී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ ලොකු පොකුරකින් එක් අයෙක්දයි සැක මතු වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

ඇයට කොවිඩ් වැළඳුනු ආකාරය සොයා ගැනීමත් එම කොවිඩ් පොකුර සම්පුර්ණයෙන් හඳුනා ගැනීමත් විශාල අභියෝගයක් වී ඇති බව ද කියති.

වසංගත රෝග විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේ මෙය සමාජය තුළ කොවිඩ් 19 පැතිරීම පිලිබඳ පළමු වාර්තාවීම බවත් එය ඉතා ම බරපතළ තත්ත්වයක් බවත් ය.

රෝගී කතා හඳුනාගැනීමට පෙර තවත් බොහෝ දෙනකුට රෝගය ආසාදනය වී තිබිය හැකි බවත් , මේ වන විටත් රෝගය තවත් පැතිර යමින් තිබෙනවා විය හැකි බවත් විශේෂඥයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *