හිටපු ජනපති මෛත්‍රී අද පාස්කු කොමිසම හමුවට ; රනිල්ගේ දවස හෙට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාර ගැන පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවට අද දින  පැමිණීමට නියමිතය .

පාස්කු ප්‍රහාර වලකා ගැනීමට පියවර නොගැනීම සහ සහරාන් කණ්ඩායම පිළිබඳව පරීක්ෂා නොකරන ලෙස උපදෙස් දීම වැනි එතුමාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කරුණු දැක්වීමට අද දින කොමිසම හමුවට පැමිණෙන ලෙස සිරිසේන මහතාට දැනුම් දී තිබේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ කොමිසම හමුවට කැඳවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *