කලබල වූ ජනයා බඩු රස්කරති ; කඩ බක්කි යලි හිස්වෙයි ; සහල් අතුරුදන්

කොවිඩ් 19 ව්‍යාප්තවීමේ අවදානම යලි වැඩිවීමත් , ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවීමත්, සමග කලබලයට පත් ජනයා අහාර රැස්කිරීමට පටන්ගනීමත් සමග කඩ බක්කි යලි හිස්වන අයුරු දකින්නට ලැබිණි.

සහල් මිලදී ගැනීම වැඩිවීම නිසා වේලන්දපොලේ සහල් නොමැති තත්ත්වයක් දක්නට ලැබුණි. සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටි මරඳගහමුල සහ දිවුලපිටිය ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව වෙළෙන්දෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *