බදියුදීන් ගත්තොත් ජනවරම අහෝසියි.. එය මේ ආණ්ඩුව අවසානයේ ආරම්භයයි..- වසන්ත බණ්ඩාර

බදියුදීන් ගත්තොත් ජනවරම අහෝසියි.. එය මේ ආණ්ඩුව අවසානයේ ආරම්භයයි..- වසන්ත බණ්ඩාර

රිෂාද් බදියුදීන් හෝ ඔහුගේ පක්ෂයේ කිසිවකු ආණ්ඩුවට ගතහොත් ආණ්ඩුව ලබා ඇති ජනවරම අහෝසි වන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

එය මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව ද ඔහු කියා සිටියි.

බදුර්දීන් හා ඔහුගේ ගෝලයන් ආන්ඩුවට එක්වීමට දැඩි විරෝධයක් මතු වුවහොත් එම පිරිස ස්වාධීන වෙන බව කියමින් ආණ්ඩුව ඇතුළට රිංගවීමේ උත්සාහයක් ඇතැයිද ඔහු කියා සිටියේ.

කෙසේ හෝ එම පිරිස ආණ්ඩුවට එක් කර ගත්තොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලිසෑයේදී දිවුරුම් දෙමින් පැවසූ පරිදි ඔහු දිනවූ ජනතා හදවත් වෙනස් වන බවත් එය මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවට කිසිදු සැකයක් නැති බවත් ඒ මහතා කියා සිටියේය.

රිෂාද් බදුර්දීන් සහ ඔහුගේ පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වන්නේ යැයි පැතිරෙන වාර්ථාවන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *