කොරෝනා පැතිරීමේ තර්ජනය නිසා දිවයිනේ සියලු පාසල් හෙට සිට වසයි ; ගම්මාන හතක් අගුළු දමයි

දිවයිනේ සියලු පාසල් හෙට සිට වසා දමා දෙවන වාර  පාසල් නිවාඩුව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගී කාන්තාවක හමුවීමත් සමග රෝගය පැතිරීමේ අවදානම ඉහල යාම නිසා මෙම පියවර ගෙන තිබේ .

මේ වනවිට දිවුලපිටිය , මිනුවන්ගොඩ ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර ගම්මාන හතක්  හුදෙකලා කොට ඇත.

රෝගී කාන්තාව සේවය කළ කම්හලට ද සීල් තබා ඇති බව වර්ත වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *