පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස් වෙන්නෙ ආණ්ඩුවෙ ඩීල් එකක් නිසාද ? – අගරදගුරුටත් සැකයිලු

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හිටිහැටියේම නිදහස් වීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. අද (03) කොළඹ අගරදගුරු නිළ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කාදිනල්වරයා මේ බව සඳහන් කළේය.

පසුගියදා නිදහස් වූ පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ බවට, මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හරහා ප්‍රකාශ කළ කරුණු පිළිබඳව අවධානය‍ යොමුකළ කාදිනල්වරයා ප්‍රකාශ කළේ එතරම් බරපතල චෝදනා එල්ල වූ පුද්ගලයෙකු හදිසියේ සාක්ෂි නොමැති බව පවසමින් නිදහස් කිරීම පුදුම සගත බවයි.

මාස පහක කාලයක් තුළදී එවැනි වෙනසක් සිදුවීම තුළින් මේ පිටුපස යම් දේශපාලන ඩීල් එකක් ඇතැයි විශ්වාස කිරීමට සිදුවන බවයි කාදිනල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *