බදුර්දීන් එකතු කරගන්න තරම් මෝඩයො ආණ්ඩු‍වෙ නෑ. එකතුවෙන්න ආවොත් එළවනවා – විමල්

රිෂාඩ් බදියුදීන් වැනි මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීමට තරම් මෝඩයන් වත්මන් ආණ්ඩුවේ සිටිතැයි තමා විශ්වාස නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ නිසා රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එකතුවීමට යන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ.

ඊයේ (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය උත්සවවලට සහභාගි වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිසිදු තහනමක් නොමැති බවත්, ඒ සඳහා මහජන නියෝජිතයන් ලෙස ඔවුන්ට අයිතියක් ඇති බවත් ඇමතිවරයා පවසනවා. එවැනි අවස්ථාවකට පැමිණි මන්ත්‍රීවරුන්ට ඔරව ඔරවා සිටීමට අවශ්‍ය නොවන බවත්, සිනාසී අතට අත දුන් පමණින් එය ආණ්ඩුවට පැමිණීමේ පෙරහුරුවක් ලෙස සැලකිය නොහැකි බවත් විමල් වීරවංශ මහතා පවසනවා.

යම් හෙයකින් රිෂාඩ් බදියුදීන් මහතා ආණ්ඩුවට එක්වුවහොත් එම ආණ්ඩුවේ තවදුරටත් සිටින්නේදැයි මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දෙමින් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය.

‘අපි හදපු ආණ්ඩුවෙන් අපි මොකටද එළියට යන්නෙ ? අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්න එපැයි. අපි එළියට යන්නෙ නෑ, හැබැයි එන්න හදන අය එළවනවා.’

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *