ගව ඝාතනය තහනම් කලොත් මරණය තෙක් ගවයන් රැකබලා ගන්නේ කෙසේද.. මෙය විදේශීය කිරිපිටි සමාගම් සතුටු කරවන වැඩක්.. – ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගව ඝාතනය තහනම් කලොත් මරණය තෙක් ගවයන් රැකබලා ගන්නේ කෙසේද.. මෙය විදේශීය කිරිපිටි සමාගම් සතුටු කරවන වැඩක්..

ගව ඝාතනය තහනම් කළ විට කිරි ගොවීන් විසින් ගවයන් මරණය තෙක්ම කෙසේ නඩත්තු කරන්නේදැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

ගව ඝාතනය තහනම් කිරීමට තීන්දු ගැනීමේ දී ඊට අදාළ සමාජ පැතිකඩ සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයක් සිදු කොට නැති බව පැහැදිලි යයිද ඒ මහතා කියා සිටී.

ගව ඝාතනය තහනම් කළ යුතුයි ඇතැම් අන්තවාදී මතධාරීන්ගේ වරින්වර දහස් ඉදිරිපත් වුවත් මෑත කාලීනව ඊට සමාජයෙන් ප්‍රබල බලපෑමක් එල්ල වූයේ නැතැයිද ඒ මහතා සඳහන් කරයි.

ගවයා ඉන්දියාවේ සලකන්නේ පූජනීය වස්තුවක් ලෙස වුවද එරට පවා ගව ඝාතනය තහනම් කිරීමට නීති පනවා නැතැයිද ඔහු පෙන්වා දෙයි.

කිරි නිෂ්පාදනය කළ නොහැකි සත්වයන් සහ පිරිමි සතුන් මෙන්ම මසට ගත හැකි ලෙඩ සහිත සතුන් මරණය තෙක් නඩත්තු කළ විට කිරි ගොවියාට එම ගොවිතැන ලාභදායි ලෙස පවත්වාගෙන යා නොහැකි බව ද ඒ මහතාගේ අදහසයි.

කිරි ගොවිතැන පවතින්නේම කිරි ආදායමක් මෙන්ම අතිරික්ත සතුන් මස් පිණිස විකිණීම යන ප‍්‍රධාන අංගයන් මත බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව මස් පිණිස ගවයන් මැරීම නීතියෙන් තහනම් කළ විට කිරි ගොවිතැන ව්‍යාපාරයක් ලෙස කරගෙන යාම අධෛර්මත් කරන බවත් ඒ අර්ථයෙන් ගත් විට එය විදේශීය කිරිපිටි සමාගම් බෙහෙවින් සතුටට පත්වන එකක් බවත් ඔහුගේ අදහසයි.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *