ජනපතිගේ දැනුම් දීම ඇමති වාසු කඩ කරයි..

ජනපතිගේ දැනුම් දීම ඇමති වාසු කඩ කරයි..

තමන් මහජන දිනය පවත්වන්නෙ සතියේ සෑම බදාදා දිනකම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු දිනයන් නොවන සෑම බදාදාවකම මෙය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි.

ඒ අනුව සදුදා දිනයේ මහජන දිනය පැවැත්වෙන්නේ නැතැයිද ඒ මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දී තිබේ.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී තිබුණේ සියලුම ඇමතිවරුන් සදුදා දිනයේ මහජන දිනය පවත්වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *