රිෂාඩ් බදියුදීන් 20 ගැන සලකා බලන බව කියද්දී හිරේ සිටි සහෝදරයා ඇප මත නිදහස් වෙයි !!!

තමන් 20 වැනි සංශෝධනය ගැන සලකා බැලීමට සුදානම් බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක හිටපු ඇමති  රිෂාඩ් බදිර්දීන් මහතා ඊයේ වවුනියාවේ දී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කොට ඇති අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහුගේ සොහොයුරා ඊයේ ම  ඇප මත නිදහස් කරනු ලැබ ඇත.

ඊයේ වවුනියාවේ පැවති රාජ්‍ය උත්සවයකට සහභාගී වූ රිෂාඩ් බදිර්දීන් මහතා රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේ ආණ්ඩුවට එක්වීමට තමන්ගේ කිසිදු සුදානමක් නැති බවයි. 20 වැනි සංශෝධනයේ බොහෝ වැරදි ඇතත් ආණ්ඩුව ඉල්ලීමක් කළහොත් එයට සහය දීමට සලකා බැලිය හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අතර හිටපු ඇමතිවරයාගේ සොහොයුරු රියාජ් බදුර්දීන් මහතා අධිකරණයෙන් ඇප ලබා නිදහස් වීම ද ඊයේ සිදුවී ය. පාස්කු ප්‍රහාරකයන්ට ආධාර කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාර ගත  කොට සිටි ඔහුට ඇප ලබාදීමට පොලීසිය විරුද්ධ වී නැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ හිටපු ඇමති සොහොයුරාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *