ට්‍රම්ප්ටත් කොරෝනා වැලඳෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්, කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති අතර මේ වනවිට ඔවුන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වී ඇතැයි පැවසේ.

අමෙරිකානු ජනාධිපතිවරයෙක් එම ධූරයේ සිටින අවස්ථාවේදී මුහුණදුන් දරුණුතම සෞඛ්‍ය තර්ජනය මෙය යැයි ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා හෙවත් කොවිඩ්-19 හේතුවෙන් බරපතළ සංකූලතා සඳහා ඉඩ ඇති ඉහළම අවදානම් වයස් කාණ්ඩය වන 74 හැවිරිදි වියේ ට්‍රම්ප් පසුවේ.

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකානුවන් ලක්ෂ දෙකක් පමණ මියගොස් තිබේ.

නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන ට්‍රම්ප්, කොවිඩ් -19 රෝගය සැමවිට සුළුවෙන් තැකූ පුද්ගලයෙකි. විශේෂයෙන් ම පසුගියදා, තම ජනාධිපතිවරණ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන්ව උපහාසයට ලක් කර තිබුණේ බයිඩන් මුඛ ආවරණ පළඳින බැවිණි.

ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන “හෝප් හික්ස්” කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් නිරෝධායනයට යොමු විණි.

ඇයට වෛරසය වැළදෙන්නට ඇත්තේ ආධාරකරුවන් සමග ගැවසීම නිසා බවට අනුමාන කෙරේ.

හික්ස්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව ඔවුන්ගේ ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාම කොරෝනා වෛරස අසාදිතයින් බවට තහවුරු වී තිබේ.

තමන්ට කෝරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කර ඇත.

LANKATRUTH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *