20වන සංශෝධනයෙන් වාර්ෂික ආදායම රුපියල් කෝටි 32 471ක් වන ආයතන 117ක් විගණනයෙන් ඉවතට – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණන ක්‍රියාවලියෙන් ඉවත් කර ඇති රාජ්‍ය ආයතන අතර වාර්ෂික ආදායම රුපියල් කෝටි 32 471ක් වන ආයතන 117ක් අඩංගු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි

මෙම ආයතන අතර එයාපෝට් ඒවියේෂන්, ශ්‍රීලංකා ගුවන් සමාගම, මිහින් ලංකා, ලංකා සතොස, ලංකා හොස්පිට්ල්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ්, රක්නා ලංකා වැනි ආයතනද ඇතුළත් වන බව ප්‍රකාශ කරන ලදි

විගණන කොමිසම අහෝසි කිරීමත් විගණකාධිපතිවරයාගේ බලය දුර්වල කර ඔහුව පත්කිරීම ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව සිදුකිරීමට කටයුතු කරන ආණ්ඩුව එවැනි පොරොන්දු පසුගිය මැතිවරණවලදී ජනතාව ඉදිරිපත් නොකළ බවත් කෝප් කමිටුව මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණය කිරීමත් ආණ්ඩුවේ විගණන ක්‍රියාවලිය දුර්වල කිරීමේ උත්සාහය මෙන්ම විගණන තොරතුරු සැඟවීමේ අවශ්‍යතාවයද පෙන්නුම් කරන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ අද(27) දින ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *