නව පෙරමුණේ නායකයා දිනේෂ් ; මහින්ද සයිඩ් එකෙන්

මහින්ද පාර්ශවය ගොඩනැගීමට යන නව පෙරමුණේ නායකත්වයට දිනේෂ් ගුනවර්දන මහතා පත්කරගෙන මහින්ද රාජපක්ෂ මහතාද සම්බන්ද කර ගනිමින් ඉදිරි මැතිවරණයකට මුහුණදීමේ සැලසුමක් එම කණ්ඩායමේ සාකච්චාවට ගෙන ඇති බව අලුත්ම ආරංචි මාර්ග කියයි . විමල් වීරවංශ , උදය ගම්මන්පිල ආදීන් විසින් මෙම අදහස ඉදිරිපත් කොට ඇත්තේ පෙරමුණේ නායකත්වය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා අදිමදි කිරීම හේතුවෙනි .

මහින්දගේ පසුබැසීම නිසා නව පක්ෂයක් හැදීම අතහැර දමා  ඇත . ඒ වෙනුවට මහින්ද පිලට සහය දෙන කුඩා පක්ෂ එකතුකර හදන පෙරමුණකට ශ්‍රී ල නි ප කණ්ඩායම ක්ද එක්කර ගැනීම නව උපාය මාර්ගය වී ඇති බව කියති .

රාජපක්ෂ වරුන්ට එල්ල වී ඇති දුෂණ හා අපරාධ  චෝදනා නිසා කිසිදු රාජපක්ෂ වරයකුට වඩා දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වයට පත්කර ගැනීම වඩා වාසිදායක බවද කතාබහට ලක්ව ඇති බව දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *