20 වැනි සංශෝධනය නීතියේ ආධිපත්‍යයටත් රටේ ස්වෛරීභාවයටත් තර්ජනයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

යෝජිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති මෙරට නීතියේ ආධිපත්‍යයටත් ජාතික ස්වාධිපත්‍යයට සහ ස්වෛරී භාවයටත් තජනයක් වන බව මෙරට නීතිඥ ප්‍රජාවගේ ඉහළ ම සංවිධානය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත්කළ විශේෂ අධ්‍යයන කමිටුව ප්‍රකාශ කොට ඇත .

20 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන මුක්තිය රටේ නීතියේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් බව එම කමිටුවේ නිගමනය වී තිබේ. එම කමිටුව කියන්නේ මෙය නීතිය ඉදිරියේ සමානාත්මතාවය පිලිබඳ මුලධර්මය ද උල්ලංඝනය කිරීමක් බවයි.

එමෙන් ම පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ගැන වගවීමෙන් ජනාධිපති නිදහස් කිරීම ජානාධිපති අතින් පුරවැසි මානව හිමිකම් උල්ලංඝනයට ඉඩ දීමකි. එය අතිශය භයානක තත්ත්වයකි .

වෙනත් රටක පුරවැසිකම හිමි අයට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ දීම ජාතික ස්වාධිපත්‍යයට සහ ස්වෛරීභාවයට තර්ජනයක් බව ද නීතිඥ සංවිධානයේ විශේෂ අධ්‍යයන කමිටුවේ නිගමනයකි.

නීතිඥ සංගමයේ විධායක සභාව විසින් පත්කරනු ලැබූ ප්‍රකට නීතිඥයන් 15 දෙනෙකුගෙන් යුත් කමිටුවේ වාර්තාව පෙරේදා (25 දා ) විධායක සභාව වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *