වෘත්තීය සමිතිවාදය නිසා වෛද්‍ය සභාවේ කීර්ති නාමය විනාශ වෙලා – විශේෂඥ වෛද්‍ය සංගමය

වෘත්තීය සමිතිවාදය නිසා වෛද්‍ය සභාවේ කීර්ති නාමය විනාශ වී ඇති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආචාර ධාර්මික වෛද්‍ය සේවාවේ අවසානයේ ආරම්භය විය හැකි බවත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කිය යි .

ඇතැම් වෘත්තීය සමිති බලපෑම් කරමින් සෞඛ්‍ය ඇමතිවරයා ද තම අත් අඩංගුවට ගත තත්ත්වයක් පෙනෙන්නට ඇති බව ද එම සංවිධානය කියයි.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට ඇමති බලතල යොදාගෙන ඇත්තේ වෘත්තීය සමිතියක තර්ජන නිසා බව කියන එම සංගමය එය සිදුකොට ඇත්තේ විධිමත් පරෙඑඑක්ශංඅයකින් තොරව බව ද ප්‍රකාශ කරයි.

වෛද්‍ය අධාපනය සඳහා නිසි ප්‍රමිතියක් නීතිගත කරන්නට මේ දක්වා නොහැකි වීම ගැන ද ඇමෙ සංවිධානය චෝදනා කරයි.

වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වය ගැන පසුගිය කාලයේ බොහෝ විවේචන එල්ල වී තිබිණි . 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *