චන්ද‍්‍රිකා මෛත‍්‍රීට පස්පඩංගුවේ බැණ වදී..

චන්ද‍්‍රිකා මෛත‍්‍රීට පස්පඩංගුවේ බැණ වදී..

තම පියාවන ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුළුමනින්ම විනාශ කර දමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අද වන විට දුෂණ වලට සම්බන්ධ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ නායකයෙකු සොයා ගැනීමට ඉතා අපහසු යැයි ද ඇය කියා සිටියාය.

තමන් අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නා දමා ඇතැයිද ඇය පැවසුවාය.

ඇය මේ අදහස් පළකරන ලද්දේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ � 61 වැනි අනුස්මරණ උත්සවය හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පැවැත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු එම පක්‍ෂ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

එසේ නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට සහභාගී වී සිටියේ නැත.

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය භයානක එකක් යැයිද තමන් ඒ ගැන ඉදිරියේදී දීර්ඝව අදහස් පල කරන බවත් ඇය මාධ්‍ය වෙත පැවසුවාය.

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *