තජුඩීන්ගේ මරණයේ සාක්ෂි වසන් කිරීමට අදාල මහාධිකරණ නඩුව අත්හිටුවයි !

හිටපු රගර් ක්‍රීඩක වසීම් තජු‍ඩීන්ගේ අභිරහස් මරණයට අදාලව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක ඉදිරි කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාගේ නියෝගය මත මෙම නඩුවේ කටයුතු අත්හිටුවිණි.

වසීම් තජුඩීන්ගේ අභිරහස් මරණයට අදාල සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබූ අතර, කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා එහි වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබිණි.

මේ වනවිට සමරසේකර මහතා ජීවතුන් අතර නොමැත. ඔහුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මහාධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරුන් සමරසේකර මහතාගේ මරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීමට අදාලව ඉදිරි විමර්ශන කටයුතු අත්හිටුවීමට අධිකරණය තීරණය කරන බවයි.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *