ජාතික සංවිධානවල විරෝධය නොතකා මිලින්ද පතිකිරීම පාර්ලිමේන්තු කාරක සභාවෙනුත් අනුමතයි

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේත් , ජාතික සංවිධාන එකමුතුවත් ඇතුළු රජයට සහය දුන්  බලවත් කණ්ඩායමක විරෝධතා නොතකා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තනතුරට මිලින්ද මොරගොඩ මහතා පත්කිරීමේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ තීරණයට  පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව මොරගොඩ මහතා ඇතුළු අට දෙනකු ගේ පත්වීම් අද අනුමත කොට ඇත.

ඒ අනුව පහත නම් සඳහන් නිලධාරීන් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.  

සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත

මිලින්ද මොරගොඩ මහතා – ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

රවිනාථ ආරියසිංහ මහතා – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

එස්.අමරසේකර මහතා – දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්

විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා – ඇෆ්ගනිස්ථාන තානාපති

සංජිව් ගුණසේකර මහතා – ජපානයේ ශ්‍රී ලංකා තානාපති

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය – ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි

ආචාර්ය පාලිත කොහොන මහතා – චීනයේ ශ්‍රී ලංකා තානාපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *