20ට එරෙහි පෙත්සම් සලකා බැලීම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ආණ්ඩු පක්ෂය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව මේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12 ක් ගොනුකර තිබේ. 

  ලබන 29 වැනිදා මෙම පෙත්සම් කැඳවීමට තීරණය කර ඇති අතර එම පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.   

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම විනිසුරු මඩුල්ල නියෝජනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *