කලා මණ්ඩලේ අවුල ලිහන්න දේශපාලන මැදිහත්වීමක් වහාම ඕනෑ – හිටපු සභාපති ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

michael-fernando photo - 1කලාවේ සියලූම අංශ නියෝජනය කරන කලාකරුවන් වෙනුවෙන් රජය නියෝජනය කරන ආයතනය වන, ලංකා කලා මණ්ඩලය පිළිබඳව මේ වෙනකොට ගැටළු රැුසක් ඇතිවෙලා තියෙනවා. සංස්කෘතික අමාත්‍යාංශ්‍ය, අධ්‍යාපන අමාත්‍යංශ්‍ය යන අමාත්‍යාංශ දෙකම මේ වෙනකොට කලාමණ්ඩලයට අයිතිවාසිකම් කියමින් විවිධ ප‍්‍රකාශ නිකුත් කරමින්, විවිධ වැඩසටහන් දියත් කරමින් ඉන්නවා. මෙය නිරවුල් කර ගැනීමට කළයුත්තේ කුමක්ද?

කලා මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද මණ්ඩලයක්. මම හිතන විදිහට 1952 වර්ෂයේදී තමයි මෙය පිහිටුවන ලද්දේ. එය එක්තරා විදිහක උපදේශක මණ්ඩලයක්. එංගලන්තයේ තියෙන ‘‘්රඑ ක්‍දමබජසක’’ එකට අනුව, එය ආදර්ශයට ගැනෙමින් තමයි මෙය පිහිටුවා තිබෙන්නෙ. කලා මණ්ඩලය අයිති විය යුත්තේ මොන අමාත්‍යාංශයටද කියලා එහි නිශ්චිතව සඳහනක් නැහැ. ඊරියගොල්ල අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලෙත් එය අයත්ව තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයට. ඊට පසුව එය සංස්කෘතික අමාත්‍යශාංයට පවර ගත්තා. ඉන්පසුව දිගටම පැවතුනේ සංස්කෘතික අමාත්‍යාංශයට. යහ පාළන කාලයට පෙර පැවති මහින්ද රජයේදී එහි ඇමතිවෙලා හිටයේ ටී. බී. ඒකනායක මහත්තයා. ඒ මහත්තයා විවිධ කලා කරුවන්ගෙ අවසන් කටයුතුවලට සහභාගීවෙන ඡුායාරූප ඒ දිනවල නිතරම පත්තරවල තිබුණා. යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුව දින සීයේ ආණ්ඩුව පැවති කාලයේ මෙම අමාත්‍යාංශ්‍ය අගමැති අතම තබාගත් අතර රාජ්‍ය ඇමති වශයෙන් කටයුතු කළේ නන්දිමිත‍්‍ර ඒකානායක මහතායි.

2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් පසුව ඇමති මණ්ඩලය වෙනස් කිරීමේදී කලා මණ්ඩලය හා සංස්කෘතික ආමාත්‍යාංශයේ අංශ කිහිපයක අයිතිය සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉවත් කොට ඒවායේ අයිතිය අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැසට් නිවේදනයක් නිකුත්කරනු ලැබුවා. ඒ අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලා මණ්ඩලයක් පත් කෙරුවා. එහි සභාපති වශයෙන් චන්ද්‍රගුප්ත තේනුවර මහතා පත්කරනු ලැබූ අතර ඔහු අනුමණ්ඩල කිහිපයක් පත්කර දැනට එහි වැඩකටයුතු කරගෙන යන බව පුවත් පත් වාර්තාවල සඳහන්වෙනවා.

නමුත් මෙතෙක් කල් කලා මණ්ඩලයේ කටයුතු සිද්ධ වුනේ සංස්කෘතික අමාත්‍යාංශයෙන්. මමත් 2000 සිට 2002 ක වෙනතුරු කලා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කෙරුවා. ඒ වනවිටත් කලා මණ්ඩලයේ ස්වාධීන්ත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා. අමාත්‍යාංශ නිළධාරීන්, අධ්‍යක්‍ෂවරුන් කලා මණ්ඩලය පාළනය කිරීමට ගන්නා උත්සාහයක් තිබුණා. ඒත් මම සභාපතිව සිටින කාලයේ, කලා මණ්ඩලය යටතේ තමයි කලා මණ්ඩලයට අයිති ආයතන සියල්ලක්ම පාහේ තිබුණෙ. ජෝන් ද සිල්වා සමරු ර`ගහල, රජයේ කලාගාරය වැනි ආයතයන්හි ස්වාධීනත්වය ආරක්‍ෂා කළා. මම සභාපතිව සිටින කාලයේ එක්තරා පේන්ට් නිෂ්පාදන සමාගමක දැන්වීමක් රූ ගතකිරීමට කලාගාරය යොදා ගැනීමට අවසර ඉල්ලූවා. මම එයට අවසර දුන්නෙ නැහැ. මට එහෙම ස්වාධීන්ව කටයුතු කිරීමට හැකියාවක් තිබුණා.

මේ වන විට සංස්කෘතික ත‍්‍රිකෝණය, කලාගාරය වැනි ආයතන අයත්ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි. එහෙත් සංස්කෘතික අමාත්‍යංශයේ කලා මණ්ඩලයේ හිටපු පිරිස විද්වත් මණ්ඩලයක් යනුවෙන් වෙන මණ්ඩලයක් පිහිටුවාගෙන තියෙනව. ඔවුන්ද අනුමණ්ඩල පිහිටුවාගෙන වෙනම කටයුතු කරගෙන යනව. ඔවුන් 2015 දී එළිදක්වන ලද නිර්මාණ සඳහා සම්මාන දීමට 2016 වර්ෂයේ දී සාහිත්‍ය උත්සවයක්, ළමා නාට්‍ය උත්වසවයක්, නාට්‍ය උත්සවයක්, කෙටි නාට්‍ය උත්සවයක්, නර්තන උත්සවයක් ඇතුළු තවත් උත්සව රැුසක් පවත්වන බවටත්, එම තර`ග සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කරන ලෙසටත් පසුගියදා පුවත්පත් දැන්වීම් පළකර තිබුණ.

මේ අතර අපිට අයිති වැඩකුයි සංස්කෘති අමාත්‍යාංශය මේ කරන්නෙ. නමුත් අපිත් ස්වාධීනව අපේ කටයුතු කරගෙන යන බව කලා මණ්ඩලය ප‍්‍රකාශකරනවා. ඔවුන් මාර්තු මස 1 වැනි දා සිට 2015 නාට්‍ය තර`ගයේ,  අවසන් ප‍්‍රදර්ශනය හා නාට්‍ය උත්සවය පැවැත්වීමටත් සම්මාන ප‍්‍රධානයටත් සූදානම් වෙනව.
නිර්මාණකරුවන් අතරමං. ඉක්මන් පැහැදිලි විසඳුමක් නැත්නම් කඩාවැටීමක්….

මේ අනුව බලනවිට ආමාත්‍යාංශ දෙකක බෙදීම නිසා නිර්මාණකරුවන් අතරමං වෙලා ඉන්නවා නේද? එමගින් මේ හවුල් රජයේ වැඩකටයුතු අභියෝගයකට ලක්වෙනවා නේද?

 

කවුරු කෙරෙැවත් මේ කටයුත්ත කිරීමට යටිතල පහසුකම් අවශ්‍යයි. මූල්‍ය ප‍්‍රතිපාදන අවශ්‍යයි. ඒවා එක්ක තමයි මෙය වෙනස් විය යුත්තේ. පසුගිය මැතිවරණයෙන් පසුව පක්‍ෂ දෙකක් එකතුවෙලා රජයක් පිහිටුවා ගත් නිසා අමාත්‍යවරු 30 කට සීමා කරනවා කිව්වත්, එම ප‍්‍රමාණය 60 ගණනක් දක්වා වැඩිකිරීමට සිද්ධ වුනා. අමාත්‍යවරුන් අතර ආමාත්‍යාංශ බෙදීමේදීත් නෙයෙකුත් විෂමතා ඇති වුනා. උදාහරණයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයයි මහා මාර්ග අමාත්‍යංශයයි අයිති වෙන්නෙ එක්කෙනෙකුටයි. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශ්‍යට සංස්කෘතික ආමාත්‍යාංශයට අයත්ව තිබූ සමහර කොටස් එකතුකරගෙන තියෙනව.
මේ නිසා ලොකු අවුලක් ඇතිවෙලා තියෙනව. එක පැත්තකින් කලාකරුවනුත්, තවත් පැත්තකින් නිලධාරිනුත්, තවත් පැත්තකින් දේශපාලඥයනුත් මේ පිළිබඳව එකමුතුවක් නැති බව පැහැදිලි වෙනව. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලා මණ්ඩලය වෙනම ක‍්‍රියාකරගෙන යනව. සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ කලා මණ්ඩලයේ සේවය කරපු පිරිස, සංස්කෘතික අධ්‍යක්‍ෂවරිය විසින් පත්කරන විද්වත් මණ්ඩලයක් මගින් වෙනමම කටයුතු කරගෙන යනවා. මේකට වහාම විසඳුමක් ඇතිවිය යුතුයි. එසේ විසඳුමක් ඇති නොවුනහොත් මෙය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන තතත්යකට පත්වෙනව. මෙයට ඉක්මන් පැහැදිලි විසඳුමක් අවශ්‍යයි.

කලා මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් ඔබට මේ ගැටළු පිළිබඳ අත්දැකීමක් තියෙනව. මේ ගැටළු නිරාකරණය කරගැනීමට නම් ඇති විය යුතු විසඳුම ඔබ දකින්නේ කොහොමද?

පැහැදිලිවම මෙයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි. කලා මණ්ඩලය අයිතිවෙන්නේ කාටද කියන එක පළමුවම නිශ්චිත විය යුතුයි. එවිට එය පවත්වාගෙන යාමේ මූල්‍ය ප‍්‍රතිපාදන, යටිතල පහසුකම් ලබාගැනීමේ ගැටළුවක් මතුවෙන්නෙ නැහැ.

මගේ දැනුමේ හැටියට සංස්කෘතික අමාත්‍යාංශ්‍ය එම විෂය පිළිබඳ දැනුමක් ඇති ආමාත්‍යවරුන් යටතට පැවරුවේ බොහොම කලාතුරකින්.  එක් අවස්ථාවක ලක්‍ෂ්මන් ජයකොඩි මහතා කලා මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් හිටියා. එය හොඳ පත්වීමක්. විජිත හේරත් මහත්මයත් කාලයක් එම අමාත්‍යාංශය බාරව හිටියා. නමුත් අන්තිමටම හිටිය ඇමතිවරු ඒ පිළිබඳව ප‍්‍රමාණික දැනුමකින් සන්නද්ධ වෙලා හිටියද කියන එක සැකයක්. වත්මන් ආණ්ඩුවේ සංස්කෘති ඇමති එස්.බී. නාවින්න. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්. අකිල විරාජ් කාරියවම් මහත්මයගෙ පළපුරුදෙ හැටියටත්, අධ්‍යාපන අමාත්‍යාංශයෙ විශාලත්වය නිසාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ගත්ත කොටස් පැවරීම උචිත වැඩක් විදිහට මම දකින්නේ නැහැ. මම නාවින්න මහත්තයට අපහාසයක් කරනව නෙමේ. සංස්කෘතික ඇමතිකම බාර දෙන්න නාවින්ම මහත්තයට වැඩිය හොඳ අය මේ ඇමති මණ්ඩලයේම ඉන්නවා. මේ විෂය ගැන හොඳට දන්න. සරත් අමුණුගම වගේ කෙනෙක් මේකට පත් කරන්න බැරිදෑ මේ විෂය හදාරලා, සමාජ විද්‍යාව හදාරලා, ඒ පිළිබඳව පොත් පත් ලියල තියෙන කෙනෙක්. ඒ වගේම ඔහු කවියෙක්. ඒ වගේ සුදුසුකම් ඔහුට තියෙනව. මගේ යෝජනාව මේ අර්බූදය විසඳීමට කලා හා සංස්කෘතික කියල වෙනම අමාත්‍යාංශයක් නම් කරල, එයට කලා මණ්ඩලය, සංස්කෘතික උරුමය හා සම්බන්ධ කටයුතුත්. දැනට ඇති සියලූම ආයතන කලා සංස්කෘතික අමාත්‍යාංශ්‍යට බද්ධ කිරීමෙන් මේ ගැටළුව නිරාකරණය වෙනව.

මම කියන්නෙ අලූතින් පිහිටුවන කලා හා සංස්කෘතික අමාත්‍යාංශය සරත් අමුණුගම හෝ ඒ වගේ සුදුසු අයෙකුට ලබා දෙන්න කියන එකයි. දැනටත් සරත් අමුණුගම ඇමති කෙනෙක්. ඔහුට ලැබිල තියෙන්නෙ විශේෂ කටයුතු ඇමති කියල තනතුරක්. විශේෂ කටයුතු කියල කිව්වට ඔහුට කරන්න තියෙන විශේෂ කටයුක්කත් තියෙනව කියල පේන්න නැහැ. කලා හා සංස්කෘතික කියලා වෙනම අමාත්‍යාංශ්‍යක් නිර්මාණය කරල අමුණුගමට දුන්න කියල, ඇමති ධුර වැඩිවෙන්නෙත් නැහැ. ඔහුගේ හැකියාවෙන් ප‍්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. නාවින්න මහත්තයට තව අමාත්‍යාංශයක් තියෙනව. වයඹ සංවර්ධන ඇමති. එයා වයඹ කෙනක්. ඔහුට සුදුසුකම් තියෙනවා. වයඹ සංවර්ධනය කියන්නේ විශාල කාර්යභාරයක්.

මේක දේශපාලන මැදිහත්වීමකින් ඉක්මනින් විසඳියයුතු ප‍්‍රශ්නයක්. කිසිවෙකුට හිත් අමනාපකම් ඇති කර ගැනීමට හේතුවක් නෙමේ. ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, දැනට කලා මණ්ඩලය පවරල තියෙන අධ්‍යාපන ඇමතිතුමත්, සංස්කෘතික ඇමතිතුමත් කලා මණ්ඩලයේ සභාපතිවරයත් එකතු කරල සාකච්ඡුා කරල සාධනීය තීරණයකට එනවා නම් ඒක කාගේත් ගෞරවය රැුකීමටත්, රටක සමස්ථ කලාකරුවන්ගේ යහපතටත් සුභදායී පියවරක් වන බව මගේ හැ`ගීමයි.

රාජ්‍ය කලා උත්සවය පවත්වන්නේ මේ දෙගොල්ගෙන් කවුද?

දැන් පෙනන විදිහට එකම කලා උළෙල ආයතන දෙකකින්, දෙසැරයක් පවත්වන තත්ත්වයකුයි තියෙන්නේ. මෙහිදී ගැටළු රැුසක් මතු වෙනව නේද?

ඔව්. ගැටලූ රැුසක් දැනටම ඇතිවෙලා තියෙනව. රාජ්‍ය උත්සවය මේ දෙකෙන් කෝකද? කලාකරුවෙකු රාජ්‍ය සම්මානයට පාත‍්‍රවුණා කියල කියන්නේ කොයි උත්සවයෙන් සම්මාන ගත්තොත්ද? මේ උත්සවවලට ප‍්‍රතිපාදන සපයන්නේ කවුද? එකම දේ පාර්ශ්ව දෙකක් කිරීමෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්ද වගේ ප‍්‍රශ්න රැුසක් නිර්මාණය වෙනව.
මේ අතර ඊයේ (2016.02.13) කොළඹ පදනම් ආයතනයේ දී  පැවති  උත්සවයකදී, සංස්කෘතික අමාත්‍යාංශය විසින් කලා අනුමණ්ඩල සාමාජිකයන්ට පත්වීම් ලිපි ප‍්‍රධානය කර තියෙන බව වාර්ථා වෙනව. අධ්‍යාපන අමාත්‍යංශයට අයත් කලා මණ්ඩලය මගිනුත් කලා අණුමණ්ඩල සාමාජිකයන් පත්කර තියෙනව.

ඒ ප‍්‍රවෘත්තිය ගැන මම හරියටම දන්නෙ නැහැ. චන්ද්‍රගුප්ත තේනුවරගේ සභාපතිත්වයෙන් යුතු කලා

මණ්ඩලයක් දැනට තියෙනව. ඒක ගැසට් කරල තියෙනන නිසා එය ව්‍යවස්ථානුකූලයි. කොහොම වුනත් ඒකයි මම කිව්වේ මේ ප‍්‍රශ්නය ඉක්මනින් විසඳුවේ නැත්නම් කලාකරුවන්ගේ පැත්තෙනුත්, රජය පැත්තෙනුත් ලොකු අපහසුතාවයකට පත්වෙනව කියල. වරද කාගෙද කියල කියන්න බැරිවුණත් ව්‍යාකූලත්වයක් ඇති කර තියෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *