ජාතික ගීය දෙමළෙන් ගයනු දැක මට හැඩුනා; ඉකි ගැසුණා ; පාලනය කරගත්තේ අමාරුවෙන් – ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදී ඩී බී එස් ජෙයරාජ් .

dbsමෙවර නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයන කරනු දුටු විට තමන්ට වාවාගත නොහැකි ලෙස හැඩුනු බවත් ඉකි ගැසුණු බවත් තම හැගීම් පාලනය කරගත්තේ ඉතා අමාරුවෙන් බවත් ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදී හා දේශපාලන විචාරක ඩී බී එස් ජෙයරාජ් මහතා කියයි .මේ බව කීම තමන්ට ලැජ්ජාවක් නොවන බවද ඒ මහතා කියයි . ජෙයරාජ් මහතා අන්තර් ජාලයේ ලියන දේශපාලන ලිපිය මගින් මෙම තොරතුරු හෙළිදරවු කොට ඇත .

මිනිසකුගේ කුඩා පියවරක් මිනිස් සංහතියේ යොදා පිම්මක් බව සද මත පය තැබූ නීල් අම්ස්ට්‍රොන්ග් ප්‍රකාශ කට මෙන් නිදහස් දිනයේ ජාතික ගීය දෙමල බසින් ගයන කිරීමද කුඩා සිදුවීමක් වුවද එය මේ රටේ ජාතික සංහිදියාව සදහා තැබූ දැවැන්ත පියවරක් බව ජෙයරාජ් මහතා කියයි . ඒ ගැන ජනාධිපති තුමාටත් , අගමැති තුමාටත් එයට මුල්වූ අන් සියලු දෙනාටත් තම ආචාරය හිමිවන බව ඒ මහතා ප්‍රකාශ කරයි .

තමන් කුඩා අවදියේ ජාතික ගීය සිංහලෙන් ගයුවද ගැටවර වියේදී යාපනය විදුහලේදී දෙමළෙන් ගයන විට තමන්ට එය හොදින් තේරුණු බව කියන ජෙයරාජ් මහතා එසේ වුවද තම වඩාත් ප්‍රියකළේ ජාතික ගීය සිංහලෙන් ඇසීමට බවත් එහි සංගීතමය භාවයක් තිබු බවත් කියයි .

DSC_9005maxresdefaultජාතික ගීය දෙමළෙන් ගැයීමට දකුණේ තිබු විරෝදය නිසා ආණ්ඩුව බසුබසිනු ඇති තමා සිතුවද ආණ්ඩුව එඩිතර තීරණයක් ගැනීම ගැන සතුටු වන බවද ජෙයරාජ් මහතාගේ ලිපියේ සදහන්ය .

උතුරේ පාසල්වල හා උත්සව අවස්ථාවල දෙමළෙන් ජාතික ගීය ගැයීමේ සිරිත එල් ටී ටී ඊ ය බලවත් වීමත් සමග නවතා දැමු බවත් දැන් එය යලිත් ආරම්භ වීම සතුටට කරුණක් බවත් ජෙයරාජ් මහතා කියයි .

ජාතික ගීයේ හා දෙමළ පරිවර්තනයත් එය නීතිගත කිරීමත් පිළිබද බොහෝ තොරතුරු ජෙයරාජ් මහතාගේ ලිපියේ සදහන්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *