ඉන්දියානුවන්ට එන්නදෙන කොන්දේසි හදන්න පරිගණක සමාජයට හා මෘදුකාංග සමාගම් සංවිධානයට බාරදෙයි .

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යන භාණ්ඩ හා සේවා සහයෝගිතා ගිවිසුම යටතේ ඉන්දියානු මෘදුකාංග ඉංජිනේරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණ සේවය කිරීමට ඉඩ දෙන කොන්දේසි සකස් කිරීමේ වගකීම ශ්‍රී ලංකා පරිගණක සමාජයට හා ස්ලාස්කොම් (SLASSCOM) ලෙස හැදින්වෙන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංවිධානයට පැවරීමට රජය කටයුතු කොට ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජයේ ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . මෙයින් පරිගණක සමාජයට ක්ෂේත්‍රයේ විද්වතුන් සම්බන්ද වී සිටින අතර මෘදුකාංග ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ප්‍රධාන සමාගම් ස්ලාස්කොම්ට සම්බන්ධය . ස්ලාස්කොම් සලකන්නේ එම ක්ෂේත්‍රයේ ඉහළම නියෝජිත ආයතනය වශයෙනි .

රජය සහ මෙම ආයතන අතර සාකච්චා ගණනාවකින් පසුව මෙම තීරණයට එලබ ඇති බව කියති . රජය වෙනුවෙන් මෙම සාකච්චාවලට සහභාගී වී ඇත්තේ නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතය .

මේ වනවිට තමන් ද සම්බන්ධ වී ඉන්දු ලංකා ගිවිසුමට ඇතුලත් කලයුතු කොන්දේසි සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක සමාජයේ අපේ ආරංචි මාර්ග කියයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *