එක්නැලිගොඩ පැහැරගත් කණ්ඩායම අපේ එකක් නොවෙයි – යුද හමුදා බුද්ධි අංශ හිටපු ප්‍රධානීහු කියති

මාධ්‍යවේදී "රජ පවුලයි මා wawuloyiප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කල ගිරිතලේ හමුදා කදවුරේ බුද්ධි අංශය යයි කියන කණ්ඩායම තමන් යටතේ ක්‍රියාත්මක වූ පිරිසක් නොවන බව යුද හමුදා බුද්ධි අංශයේ එවකට සිටි ප්‍රධානීන් රහස් පොලිසියට කට උත්තර දෙමින් ප්‍රකාශ කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග වාර්තා කරයි . එම කණ්ඩායමේ ක්‍රියා ගැන තමන්ට වගකිව නොහැකි බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත . මෙම කණ්ඩායම ආරක්ෂක අංශයේ ඉහල බලධාරියකුගේ මෙහෙයැවීම යටතේ ක්‍රියාත්මක වී ඇති බව පරීක්ෂණ වලදී හෙළිදරවු වී තිබේ .

සතුරා පිලිබදව හමුදාව සියලු රහස් තොරතුරු රැස් කළේ යුද හමුදා බුද්ධි අංශය මගිනි . එසේ වුවද ගිරිතලේ හමුදා කදවුරේ ක්‍රියාත්මක වූ මෙම විශේෂ ඒකකය යුද හමුදා බුද්ධි අංශයට වග නොකියන කණ්ඩායමක් ලෙස ක්‍රියා කර ඇත .

තවත් බුද්ධි අංශ නිලධාරියකු ඝාතනය කිරීම ඇතුළු මෙම කණ්ඩායම කළ මිනීමැරුම් ගණනාවක තොරතුරු මේ වනවිට හෙළිදරවු වී ඇති අතර එම සිදුවීම් පිළිබදවද පරීක්ෂණ ආරම්භ වී ඇත .

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත් මෙම කණ්ඩායම ඔහු මරාදැමීමට වෙනත් පිරිසකට භාරදුන් බව මුලදී වාර්තා වුවද , ඝාතනය සිදුකලේ මොවුන් විසින්ම බවට තොරතුරු දැන් හෙළි දරවු වී ඇති බවද වාර්තා වෙයි . අක්කරෙයිපත්තුවේදී එම ඝාතනය කල ආකාරය හා ස්ථානය සොයා දැන් පරීක්ෂණ සිදුවන බව අපගේ ආරංචි මාර්ග කියයි .

මෙම ඝාතන වලට සම්බන්ධ තවත් කිහිප දෙනකු ඉදිරි දින කිහිපයේදී අත් අඩංගුවට ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *