13 ට එරෙහිවූ ඇමති සරත් වීරසේකරට ඇතුලෙන් ම ප්‍රහාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කළ පළාත් සභා රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයෙන් ම බරපතළ ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම මැති ඇමතිවරුන්ගෙන් ද මෙම විරෝධය එල්ල වී තිබේ. වීරසේකර මහතාගේ ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පළාත්  සභා මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් ද ඉදිරිපත් වී ඇති බව ද වාර්තා වීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් ගැන සලකා බලා නැති බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශ කොට ඇත. එස් බී දිසානායක මහතා කියා ඇත්තේ පළාත් සභා අහෝසි කරන්නට ගියහොත් විශාල අවුලක් නිර්මාණය විය හැකි බව යි. තවත් මැති ඇමතිවරු ගණනාවක් ද පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට විරුද්දව අදහස් ප්‍රකාශ කොට ඇත.

ආණ්ඩුවේ කොටස්කරුවකු වන ඊ පී ඩී පී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කොට ඇත්තේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ඉවත් කිරීමට තම පක්ෂයේ සහාය කිසිසේත් හිමි නොවන බව යි.

මේ අතර ප්‍රබල ඇමති ධුර නොලැබුණු ආණ්ඩු පක්ෂයේ ජෙෂ්ට මන්ත්‍රීවරුන් ගණනාවක් පළාත් මහා ඇමති තනතුරු සඳහා තරඟ වැදීමට සුදානමින් සිටින බව ද වාර්තා වෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *