“පොදු විපක්ෂය තහනම්” – ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව තීරණය කරයි .

පොදු විපක්ෂයක් ලෙස වෙනම කටයුතු කිරීමට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට ඉඩ නොදීමට ඊයේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට ඇත . එමෙන්ම මින් ඉදිරියට පක්ෂය හෝ පක්ෂ නායකයා විවේචනය කළහොත් එවැනි සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමටද එහිදී තීරණය වී ඇත .

විනය කඩන සාමාජිකයන්ට එරෙහිව කටයුතු කිරීමේ සම්පුර්ණ බලය පක්ෂ නායක මෛත්රේපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබා දී ඇත .පසුගිය දිනවල පක්ෂය විවේචනය කල පළාත් පාලන ආයතන හිටපු ප්‍රධානීන් හත් දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමටද එහිදී තීරණය කළේය .

පනස් එක් දෙනකුගෙන් සමන්විත ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාවේදී මහින්ද පිලේ වැඩ අනුමත කරමින් අදහස් දැක්වුයේ කුමාර වෙල්ගම මහතා පමණක් බවද වාර්තා වෙයි .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *