සේවා සමාගම කුමක් වුවත් පාරිභෝගිකයාට එකම දුරකථන අංකයක්

දුරකථන සේවා ලබාදෙන සමාගම වෙනස් වුවත් පාරිභෝගිකයාට එක ම දුරකථන අංකයක් භාවිත කළ හැකි ක්‍රමවේදයක් හදුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පියවර ගනිමින් සිටියි.

මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග තම දුරකථන අංකය වෙනස් නොකර සේවා සපයන සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවෙයි.

මෙතෙක් පැවති ක්‍රමය වන්නේ සේවා සපයන සමාගම වෙනස් වුවහොත් නව දුරකථන අංකයක් ලබාගැනීමට සිදුවීමයි. එහි ප්‍රතිඵලය වුයේ දුරකථන අංකය තබා ගැනීම සඳහා සේවා සමාගමට බැඳි සිටීමට පාරිභෝගිකයාට සිදු වීමයි.

එම තත්ත්වය වෙනස් කොට සේවා සමාගම් අතර තරඟ කාරිත්වය වැඩිකිරීම නව ක්‍රමයේ අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *