චොකා මල්ලීගේ මන්ත්‍රී ධුරය අහෝසි වන ලකුණු – පාර්ලිමේන්තු යන්න අවසර නෑ

මරණ දඬුවම ලබා සිටියදී රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් මෙවර පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතා හෙවත් චොකා මල්ලීමට අදාල මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව හිමි නොවීමට ඉඩ තිබෙන බව වාර්තා වේ.

ඊට හේතුව ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබීමයි. නීතිපතිවරයාගේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තු බලධාරීන් මෙම තීරණයට එළඹ තිබේ.

චොකා මල්ලීගේ නම් නව පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයේද සඳහන්ව තිබිණි. ඊට අමතරව ප්‍රේමලාල් ජයසේකර මහතා තමාට ලැබුණු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට ඔහුට අධිකරණයෙන්ද අවසර ලැබී තිබුණු බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවිය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බලධාරීන් විසින් ඔහුට පාර්ලිමේනතු රැස්වීම් සඳහා සහභාගිවීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි බන්ධනාගාර බලධාරීන් වෙත දන්වා තිබිණි.

කෙසේ වෙතත් නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ චොකා මල්ලීට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබා නොදිය යුතු බවටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී මාස තුනක අදාල ධුරයේ දිවුරුම් දිය යුතු අතර එසේ නොමැති වුවහොත් චොකා මල්ලීගේ මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වී ඔහුට පසුව රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ සිටින අපේක්ෂකයාට එම අවස්ථාව හිමි වනු ඇත.

මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් පැවැත්වෙන වැඩමුළුව සඳහා සහභාගි වීමේ අවස්ථාව දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව හිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා හෙවත් පිල්ලෙයාන්ටද අහිමි වී ඇති බව වාර්තා වේ. ඔහුට අවසර ලැබී තිබෙන්නේ පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වීමට පමණි.

UN

LANKAENEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *