ගුවන් ටිකට් ගිනි ගණන් ; මෙරටට එන්න බැරිව 11,000 ක් මැද පෙරදිග හිරවෙලා !

ශ්‍රී ලන්කන්  ගුවන් සේවය හා වෙනත් ගුවන් සේවා ගාස්තු අධික ලෙස ඉහල දමා තිබීම නිසා මෙරටට ආපසු එන්න බැරිව ශ්‍රී ලාංකිකයෝ 11,000කට වැඩි පිරිසක් මැද පෙර දිග රටවල අතරමන්වී සිටින බව වාර්තා වෙයි. 

අමාරුවෙන් මුදල් ගෙවා මෙරටට පැමිණි අය පවසා ඇත්තේ මේ වනවිට ගුවන් ටිකට් පතක මිල රුපියල්  250,000 ක් දක්වා ඉහල දමා ඇත. කොවිඩ් 19 නිසා රැකියා අහිමිව සිටින 11,000ක් පමණ දෙනා මෙරටට ඒමට ලියාපදිංචි වී සිටියද රජය මැදිහත් වී මෙම පිරිස ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවේ . රජය කියන්නේ කොවිඩ් රෝගීන් වාර්තා වීම නිසා එලෙස ගෙන්වා ගැනීම නවතා ඇති බවයි.

මේ තත්ත්වය යටතේ ගුවන් යානයක් ලබා ගැනීමට 150ක පිරිසක්  එකතු වී එක් අයෙක් රුපියල් 250,000ක් තරම් වන මුදලක් ගෙවා ගමන් පහසුකම් ලබා ගැනීමට සිදු වී තිබේ.

මෙම මුදල ගෙවීමට නොහැකිව අතරමංව සිතන පිරිසට විශාල දුකක් විඳීමට සිදු වී ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *