සුද්දා එන්ට කලින් ලංකාවෙ තිබුනා කියන ආසියාතික සහජීවනය මිත්‍යාවක් – ප්‍රියශාන්ත රාජපක්ෂ

ආසියාවේ පැවතියේ යුරෝපයේ තිබුනාමෙන් ප්‍රවේණි දාසයා සහ කුලීන රදලයා අතර තිබූ රදල රාජාන්ඩුව නොව ආසියාවටම අනන්‍යවූ ආසියාතික සහජීවනය නැමති සුවිශේෂී තත්වයක් යැයි ජාතිකවාදී අදහසක් ඇත.

යුරෝපයේ පැවති රාජාන්ඩුවට වඩා අසියාවේ පැවති රාජාන්ඩුවෙහි යම් වෙනසක් පැවතියේ නම් ඒ වෙනස ඌකලී යුරෝපීය රාජාන්ඩුවටත් වඩා ආසියාවේ රාජාන්ඩුව කෲර දරදඬු ඒකාධිපති ස්වරූපයක් ගැනීමයි.

එසේ වීමට හේතුව ආසියාවේ වැඩවසම් රාජ්‍යයන් යුරෝපයේ මෙන් දැවැන්ත රාජ්‍යයන් නොවී කුඩා කුඩා රාජ්‍යයන් ලෙස පැවතීමයි.
(ඒකට හේතුව නිෂ්පාදන බලවේගවල පැවති සාපේක්ෂ පසුගාමීත්වයයි )

මෙසේ රාජ්‍යයන් කුඩා වීම හේතුවෙන්ම රජු සෙසු රදලයන් පරයා බලවත් උනා.
සෙසු ප්‍රාදේශීය රදලයන්ට රජු ප්‍රශ්න කල නොහැකි තත්වයක් ආසියාව තුල ඇති උනා.

රාජ උදහසට ලක්වෙලා බෙල්ල ගහල ගිය අධිකාරම්ලා සහ නිළමෙලා ගැන ලංකා ඉතිහාසයේ බොහෝ තැන්වල සඳහන්වෙන්නෙත් මේ නිසා.

මෙහිදී පාලකයන් හා ජනතාව අතර තබා ප්‍රබූ පැලැන්තිය අතර හෝ (රාජාඥ්ඥාවට යටවූ ප්‍රාදේශීය රදළයන් මිස) සහජීවනයක් තබා එහි හෙවනැල්ලක්වත් හමු නොවේ.

වැඩවසම් ක්‍රමය තුල ප්‍රබූවරයින්ගේ වහල් තේවාවන් සඳහා ප්‍රවේණිදාසයා පරම්පරාගතවම කැපවෙලයි ඉන්නෙ.
ඒක යුරෝපයට මෙන්ම ආසියාවටත් පොදු වහල් රාජකාරියක්.
ඒනිසා පාලකයින් හා ජනතාව අතර සහජීවනයක චායාවක්වත් එහෙ වගේම මෙහෙත් තිබ්බෙ නෑ.

මේ සඳහන් කරන සහජීවනය තිබුනෙ අවවරප්‍රසාදිත පීඩිත ජනයා අතර.
ඒ ඔවුන්ට ගේපැල අටවගන්ට,වහලට පිදුරු ටික හෙවිල්ල ගන්ට, කුඹුර කොටාගන්ට, ගොයම කපාගන්ට,අසල්වැසියාගේ උදවු පදවු ලබාගැනීම අත්‍යාවශ්‍යවූ නිසා.
එසේම උදවු පදවු සැපයීපද අනිවාර්යය විය.
මන්ද උදව්වට නොගියොත් අසල්වැසියාද උදව්වට නොපැමිනෙන නිසා.
මේ සහජීවනයේ පැවැත්මේ එකම කොන්දේසිය ඔවුන්ට විකල්ප නොමැතිවීම.

ඒ කියන්නෙ මේ සහජීවනයේ වෛශයික පදනම සමාජයක් විදියට පැවති පරාදීන බව.
මේක ආසියාවේ පමනක් නොවේ ලෝකෙ හැමතැනම පැවති වැඩවසම් ක්‍රමයේ පොදු සොබාවය.

ආසියාවේ පැවතියේත් යුරෝපයේ මෙන්ම වැඩවසම් රාජාණ්ඩුම තමා. හැබැයි ඒක යුරෝපයේ පැවතියාට වඩා නොදියුණු එකක්.
ඒ නිසාම තමා යුරෝපයේ මෙන් මෙහෙ රාජාණ්ඩුව ඈවර කරමින් ඒ තුලින්ම ධනවාදය බිහිවීමේ පූර්ව ලක්ෂන කිසිවක් පහලවෙලා තිබ්බෙත් නැත්තෙත්..

– ප්‍රියශාන්ත රාජපක්ෂ

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *