දේශාපලන විසඳුම මග හරින්න නව ව්‍යවස්ථාව එපා ලූ

ජනවාරි 08 අනුමත වූ සමාජ ගිවිසුමට අනුව ජනාධිපති ක්‍රමය ඉවත්කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුව දරන උත්සාහය කඩාකප්පල් කිරීමට, ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු පක්ෂයේ ජාතිකවාදි කොටස් සමග සමීපව කටයුතු කරන බව යුක්තියට දැනගන්නට තිබේ. ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය නොකොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ නොහැකි බව දන්නා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා වෙනසකින් සමාජවාදය ඇති නොවන බව පවසා අතිවාම ස්ථාවරයකට තල්ලුවී සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ජනතා විමුක්ති පෙරමුණේ මේ ස්ථාවරය, පසුගිය මැතිවරණයේ දී ඔවුන්ට ඡන්දය දුන් නගරයේ බුද්ධිමත් පිරීස්වල බලවත් විරෝධයක් එල්ල වීමට ඉඩ  තිබෙන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *