වසරේ ආර්ථික වර්ධන අපේක්ෂාව බින්දුවයි – මහ බැංකුව ; ඍන 3 යි – ෆිච්ට් රේටින්

මෙම වසරේ ශ්‍රි ලංකාවේ අපේක්ෂිත ආර්ථික වර්ධනය බින්දුවක් වනු ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව කියයි.

වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධනය අනපේක්ෂිත ලෙස සියයට ඍන 1,6ක් වී ඇතත් අවසන් කාර්තුව වන විට ආර්ථිකයේ ඉහල වර්ධනයක් සිදුවනු ඇතැයි මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා කියයි.

මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් ප්‍රනාන්දු මහතා කියන්නේ වසරේ දෙවන කාර්තුවේ ආර්ථික පසුබැස්ම වඩාත් බරපතළ විය හැකි බවයි. තෙවන කාර්තුවේ ද වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් අවසානයේ සියයට බින්දුවේ ඉලක්කයට ළඟා වීමට සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය ඉහල අගයක් ගතයුතු බවත්  ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ මෙම වසරේ වර්ධනය සියයට ඍන 0.5 ක් වියහැකි බවයි . එනම් සියයට 0.5ක පසුබස්මකි.

ෆිච්ට් රේටින් ආයතනය කියන්නේ ආර්ථික පසුබැස්ම සියයට 3 ක් පමණ විය හැකි බයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *