තවත් ප්‍රභලයින් කිහිප දෙනෙකු ලගදී ම අත්අඩංගුවට !

දුෂණ චෝදනාවන්ට ලක් වූ රාජපක්ෂ ආණ්ඩුවේ තවත් ප්‍රභල දේශපාලනඥයින් කිහිපදෙනෙකු ලගදී ම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි යුක්තියට දැනගන්නට ලැබී ඇත. මේ චූදිතයින්ගේ නම් අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගමගේ නම් ඉහලින්ම තිබෙන බව දැනගන්නට ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට පෙර කිහිප වතාවක්ම එෆ්සීඅයිඩියට කැඳවා ප්‍රශ්නකර තිබේ. මේ අතර එෆ්සීඅයිඩිය තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බැවින් එය වලක්වන ලෙස ඉල්ලා කුමාර වෙල්ගම ඉදිරිපත්කර ඇති මානව හිමිකම් නඩුවක් මේවනවිට ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවති. එම නඩුව මාර්තු 16 විභාගයට ගැනීමට ද නියමිත ය. එම නඩුවේ තීන්දුව වෙල්ගමට අවාසි වූවහොත් වංචා සහගත ලෙස ලංගමට අමතර කොටස් ගෙන්වීම පිළිබඳව වෙල්ගම අත්අඩංගුවට පත්වීමට බොහොදුරට ඉඩ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *