නොරච්චෝලේ විදුලි බලාගාරය ගොඩගන්න සතියක් වත් යාවි – ලංවිම සභාපති විජිත හේරත්

රටපුරා විදුලිය බිඳ වැටීමත් සමග අක්‍රිය වූ නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි බල නිෂ්පාදනය යතා තත්ත්වයට පත් කිරීමට අඩු තරමින් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කොට ඇත. දැනට අක්‍රිය වී ඇති බලාගාරයේ සිසිලන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට එම කාලය ගතවනු ඇති බව ඒ මහතා කියයි.

ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 900 ක් වන වැඩිම ධාරිතාවය සපයන නොරච්චෝලේ බලාගාරයෙන් දෛනික විදුලි ඉල්ලුමෙන් අඩක් පමණ සපයනු ලබයි . එම බලාගාරය ක්‍රියාත්මක නොකර රට පුරා විදුලිය ඉල්ලුම නොකඩවා සැපයීම සිදුකල නොහැකි බව කියති . ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිය විසන්ධි කිරීම හැර මණ්ඩලයට මේ මොහොතේ කළ හැකි වෙනත්  යමක් නැති බව විදුලි බල මණ්ඩලයේ තතුදත් ආරංචි මාර්ග කියයි.

එමෙන් ම විදුලි බල පද්ධතියේ සමබර තාවය තබාගැනීමට ද නොරච්චෝලේ බලාගාරය ක්‍රියාත්මකව පැවතීම අතිශයින් වැදගත් බව කියති.

යන්ත්‍ර තුනකින් යුතු බලාගාරයේ එක් යන්ත්‍රයක් දින හතරක් තුළ ක්‍රියාත්මක කර ගැනීම තම ඉලක්කය බව ලංවිම අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *