විදුලිය හරියට දෙන්න දින ගණනාවක් යාවි – විශේෂඥයෝ කියති

රටපුරා හදිසියේ සිදු වූ විදුලිය බිඳ වැටීමෙන් පසුව ප්‍රදේශ ගණනාවකට විදුලිය ලබා දුන්න ද දිගින් දිගට සිදුවන බිඳවැටීම් වලකාගෙන විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට දින ගණනාවක් ගතවනු ඇති බව විදුලි ක්ෂේත්‍රයේ විශේෂඥයෝ කියති .

රට පුරා විදුලිය බිඳ වැටීමත් සමග බලාගාර සියල්ල අක්‍රිය වීමත් , එමගින් බලාගාරවලට හානි සිදු වීමත් නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත.

ජල විදුලි බලාගාර හා ඇතැම් තාප බලාගාර ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකි වුව ද , වෙනත් ඇතැම් බලාගාර හොඳින් ක්‍රියාකරන තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගතවනු ඇත.

විශේෂයෙන් නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය යලි යථා තත්ත්වයට පත්කිරීම බරපතළ අභියෝගයක් විය හැකි බව විශේෂඥයෝ කියති .

එබැවින් ඉදිරි දින කිහිපයේ ද විදුලිය බිඳවැටීම් දිගටම සිදුවිය හැකි බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *