නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව ළගදීම විවාදයට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිල්බෙදීම හේතුවෙන් විවාදයට නොගෙන කල්යමින් පවතින, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාව පෙබරවාරි 25 නැතිනම් මාර්තු 10වෙනි දින විවාදයට ගෙන සම්මත කිරීමට සූදානමක් ඇති බව ආණ්ඩුවට සමීප දේශපාලන ආරංචිමාර්ග වලින් යුක්තියට වාර්තාවේ. අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව විවාදයට ගැනීමට මීට පෙර කිහිපවරක් උත්සාහ දැරූ නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුවේ පොදු විපක්ෂයේ බලපෑම්වලට යටවීම නිසා එය කල් දැමීමට සිදුවිය. ඉදිරි සතිය දෙක ඇතුලත පොදු විපක්ෂය පිළිබඳ අවුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසඳාගනු ඇති බවත්, ඒ සමගම කල්යමින් ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාව අනුමතකර ගැනීමට හැකිවනු ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *