දේශීය නිෂ්පාදන ආනයනයට පනවා තිබූ තහනම ලිහිල් කරයි… කහ ආනයනයට අවසර ලැබෙයි…

ශ්‍රී ලංකාව තුළ පවතින කහ හිඟය නැති කිරීම සඳහා වසර එකහමාරක කාලයක් තුළ කහ පිටරටින් ගෙන්වීමට අවසර දෙන බව කුඩා වැවිලි බෝග සංවර්ධන හා ඒ ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් දේශීය නිෂ්පාදන පිටරටින් ආනයනය කිරීම තහනම් නියෝග පනවමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ දේශීය නිෂ්පාදනවලට හොඳ මිලක් වගේම වැඩි ඉල්ලුමක් ලබාදෙමින් දේශීය ගොවියා දිරිගැන්වීම සඳහා එලෙස ආනයනය තහනම් කළ බවයි.

එහෙත් කහමිල ඉතා සීග්‍ර ලෙස ඉහළ ගිය අතර කහ කිලෝ එකක් රුපියල් 700ත් 1000ත් අතර මිලක් දක්වා මේ වනවිට ඉහළ නැග තිබේ. මේ අතර රට තුළ කහ හිඟයක්ද උද්ගතව ඇත. ගොවි ජනතාව පවසන්නේ කහ ගැනුම් කරුවන් ඉතාමත් අඩු මුදලට තම කහ අස්වැන්න මිලදී ගෙන වැඩි මිලකට අලෙවිකරමින් සිටින බව ය.

ඒ අනුව, කහ ආනයනය නතර කිරීම තුළින් දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීමක් හෝ දේශීය ගොවියාගේ කහ අස්වැන්නට හොඳ මිලක් ලැබීම යන අපේක්ෂා කිසිවක් සැපිරී නැති බව පැහැදිලි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *