ජනපතිගේ කැබිනට් මණ්ඩලයේ වියත්තු කිසිවෙක් නෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා

වියත් මග සහ වත්මන් ජනාධිපතිවරයා විවිධ අවස්ථාවලදී තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළත් වත්මන් අමාත්‍ය මණ්ඩලය තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා සම්බන්ධ අමාත්‍යවරයෙක් හෝ අවම වශයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් හෝ පත්කිරීමට පියවර ගෙන නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද සදහන් කළේය.

‘වත්මන් ජනාධිපතිවරයා වගේම වියත් මග සංවිධානය පසුගිය කාලය පුරාම තොරතුරු තාක්ෂණය ගැන බොහෝ දේ කතා කළා. ඒත් අද ඒ සියල්ල අමතක කරලා තිබෙන බව පේනවා. වත්මන් කැබිනට් මණ්ඩලය හෝ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේදී තොරතුරු තාක්ෂණය සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබෙනවා.

ඒ වගේම තමයි ජනපතිවරයා ගැන ජනතාවගේ විශ්වාසය ගොඩනැගුනේ වියත් මග වැනි සංවිධාන නිසා. ජනතාව කියා සිටියේ වියතුන් පාර්ලිමේන්තුවට යවා ඔවුන් ලවා රට හදන බවයි. ජනතාව ඒ යුතුකම ඉටුකළත් ජනාධිපතිවරයා තමන්ගේ යුතුකම ඉටුකර නැහැ. වියත් මගට සම්බන්ධයෙන් කිසිවෙකුට කැබිනට් අමාත්‍යධුර ලබාදී නැහැ. ඔවුන්ව නොසලකා හැර තිබෙනවා.

මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන ජනතාවගේ අවධානය යොමු කළ යුතුයි. අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථක වර්ධනය දැඩි ලෙස පහළ යන බව, ඍණ අගයක් ගනු ඇති බව පැහැදිලිව පෙනී යනවා. මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ජනතාවට විශාල අසීරුකම්වලට මුහුණදීමට සිදුවිය හැකියි

LANKAEPRESS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *