සජිත් පිලේ කබීර් , තලතා රනිල් හමුවෙති

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබලයින් දෙදෙනකු වන එජාප හිටපු සභාපති කබීර් හසීම් සහ හිටපු ඇමතිනී තලතා අතුකෝරල මහත්ම මහත්මීන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී දිගු සකචචාවක නියැලුණු බව වාර්තාවෙයි.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යලි එක්සත් කිරීම සහ එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම ගැන එහි දී සාකච්ඡා වී තිබේ.

පක්ෂය කැඩීමට සජිත්පිල කටයුතු කළ ආකාරය ගැන රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී දීර්ග කරුණු දැක්වීමක් සිදුකොට ඇති අතර යලි එක්සත් වීමට නම් පක්ෂයේ අනෙක් නායකයන්ගේ මෙන් ම සාමාජිකත්වයේ ද අනුමැතිය අවශ්‍ය බව පෙන්වා දී තිබේ.

පසුගිය සිකුරාදා රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *