මෙරට කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 2890 ක් දක්වා ඉහළට

මේ වන විට මෙරටින් වාර්තා වන Covid 19 ආසාදිතයින් 2890ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඊයේ දිනයේදී විදේශයන්හි සිට පැමිණි සිව් දෙනෙකු ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙන අතර ඔවුන් පැමිණ තිබුණේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තුර්කිය සහ මාලදිවයින යන රටවලිනි. 

කෙසේවෙතත් මේ වන විට ආසාදිතයින් 2666ක් සුවය ලබා තිබෙන අතර තවත් 213ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. 

තවදුරටත් වෛරසය ප්‍රජාව තුළ ව්‍යාප්ත වීම පාලනය කර තිබෙන අතර වාර්තාවන සියලුම ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන හා විදේශයන්හි සිට පැමිණෙන අය අතරින් හඳුනා ගනිමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *