විදුරටත් රාජ්‍ය ඇමතිකම එපා වෙලා – අවසන් තීරණය හෙට !

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධයෙන් තෘප්තිමත් නොමැති බවයි වාර්තා වන්නේ. කළුතර දිස්ත්‍රික්ක‍යේ පාක්ෂිකයන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් තමාට, එම ජනතාවට උපරිම සේවයක් සිදු කිරීම සඳහා කැබිනට් ඇමති තනතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බවයි ඔහු පවසා තිබෙන්නේ.

ඒ අනුව ඔහුට ලැබුණු ජාතික උරුමයන්, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව, සිය පාක්ෂිකයන්ගේ මතය විමසා ඔවුන්‍ගේ කැමැත්ත පරිදි තීරණය කිරීමට විදුර වික්‍රමනායක මහතා සූදානම් වෙනවා.

හෙට දිනයේදී පොදුජන පෙරමුණේ හොරණ මැතිව‍රණ කොට්ඨාශ බල මණ්ඩලය කැඳවා ඇති අතර ඇමති ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව පාක්ෂිකයන්ගෙන් විමසීමට නියමිතය. ඔවුන් දෙන තීන්දුවට හිස නැමීමට තමා සූදානම් බවයි විදුර වික්‍රමනායක මහතා පවසන්නේ.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *