ඇමතිවරු බහුතරයක් නොසතුටින් – ඇමතිකම්වලට ගමේ අය විහිළු කරනවාලු !

පසුගිය 12 වැනිදා මහනුවර මගුල් මඩුවේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය ආමත්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් සිය තනතුරුවල වැඩ ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් සිය අමාත්‍යංශවල වැඩ අරඹන අවස්ථාවේදී ඇතැම් ඇමතිවරුන් පළකළ අදහස් අනුව පෙනී යන්නේ ඔවුන් ඇමති ධුර ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් තෘප්තිමත් නොමැති බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිය අමාත්‍යංශයේ දිවුරුම් දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් ඇමතිවරුන්ගේ විෂයයන් සහ අමාත්‍ය තනතරුවල නම් ජනතාවගේ හාස්‍යයට ලක්ව ඇති බවයි. එය ඉතා කණගාටුදායක් තත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රීලනිපයට ලැබුණු කැබිනට් තනතුරු දෙකෙන් එකක් හිමි වූ මහින්ද අමරවීර මහතා ද සිටින්නේ එතරම් තෘප්තියකින් නොවේ. ඔහු පවසා තිබෙන්නේ තමන් මීට වඩා ප්‍රබල, ජනතාවට වැඩි සේවයක් සිදුකළ හැකි අමාත්‍ය ධුරයක් බලාපොරොත්තු වූ බවයි. ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂ දායක්වයත් ලබාදුන් තමාට මීට වඩා ප්‍රබල අමාත්‍ය තනතුරක් හිමිවිය යුතුව තිබූ බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් ඔහුට ලැබුණේ පරිසර අමාත්‍ය ධුරයයි.

මේ අතර ඊයේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබෙන්නේ පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකළ තමාට පළාත් සභා පිළිබඳ වගකීම් ලබාදීම දෛවයේ සරදමක් ලෙස සැලකිය හැකි බවයි.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *