වජිර අබේවර්ධන එජාප නායකත්වයට සුදුසුකම් පෙන්වයි!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා එහි නායකයින් අතර මේවනවිට තියුණු තරඟයක් මතුව ඇත. එවැනි තත්වයක් මතුව ඇත්තේ,

පසුගිය 05 දා පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත් වීමෙන් පසු  පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ තීරණය කිරීමත් සමගය.

ඒ අනුව පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, නවීන් දිසානායක, අඛිල විරාජ් කාරියවසම්, රුවන් විජේවර්ධන සමාජ මාධ්‍ය පස්සේ මෙහෙයුම් ආරම්භකර ඇත.

එහි පෙරමුණ ගෙන සිටින වජිර අබේවර්ධන පවසන්නේ, මෙවර තම පක්ෂය ලැබූ දැවැන්ත පරාජය හමුවේ පක්ෂයේ ගෞරවය යම්තරමක් හෝ දුරට ආරක්ෂා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්  බවයි.

පසුගිය මහමැතිවරණයේ දී සියලූම දිස්ත්‍රික්කයන්ගෙන් එජාපය ඉහළම ප්‍රතිශතය ලබා ගෙන ඇත්තේ ගාල්ලෙනි. එය 3.11%කි.

ආසන මට්ටමින් එජාපය ලබාගත් ඉහළම ප්‍රතිශත සලකා බැලූ විට ගාල්ල ආසනයට හිමිවන්නේ දෙවැනි ස්ථානයයි. ඒ් 7.01% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කිරීමත් සමගය. ඒ අනුව ගාල්ල ආසනය දෙවැනි වන්නේ කුරුණෑගල කුලියාපිටිය ආසනය ලබාගත් 9.67%ට පමණි. 

ගාල්ල දිස්ත්‍රික්කයෙන් එජාපය ලැබූ ඡන්ද ගණන 18,968 කි. මෙය කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක හැරුණු විට දිස්ත්‍රික්කයකින් ලබා ගත් වැඩිම ඡන්ද ගණනයි. තවද ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් ප්‍රතිශතයක් ලෙස ලබා ඇත්තේ 2.8%කට වඩා අඩුවෙනි.

සමගි ජනබලවේගය කොළබ, ගම්පහ සහ කුරුණෑගල පිළිවෙලින් 32.73%, 23.27%, සහ 25.21% ලෙස ප්‍රතිශතයන් වාර්තා කර තිබුනත් ගාල්ලේදි ඔවුන්ගේ ප්‍රතිශතය 18.93%කට සීමා කිරීමට එජාපය සමත්ව තිබේ.

වජිර අබේවර්ධන විසින් මෙලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉහළ ප්‍රතිශතයක් ලබා ගෙන ඇත්තේ එජාපය තුල ඔහුට කිසිඳු තනතුරක් නොමැතිවය.

THE LEADER

Leave a Reply

Your email address will not be published. Required fields are marked *